අතුරුදහන්වූවන් ගැන පැමිණිලි කරන්න නව වෙබ් අඩවියක්
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාව
මහජනතාවගේ පැමිණිලි ලබාගැනීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වාදීමට පියවර ගෙන
තිබේ.
www.pcicmp.lk යන වෙබ් අඩවිය හෙට(20) එළිදැක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සහ විදෙස්ගත පුද්ගලයින් සඳහා වෙබ් අඩවිය ඔස්සේ කොමිසමට තොරතුරු ලබාදිය හැකි බව එම කොමිසමේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර මඩකලපුව දිස්ත්රික්කයේ ප්රාදේශිය ලේකම් කොට්ඨාස දෙකක අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ සැසි ලබන මාසයේ දි පැවැත්වීමට නියමිතව තිබේ.
කාත්තන්කුඩිය ප්රදේශයේ දි ජුනි මස 06 සහ 07 දිනවලත් මන්මුනෙයිපත්තු ප්රදේශයේදි ජුනි මස 08 සහ 09 දිනවලත් මහජන සාක්ෂි විමසීම සඳහා කොමිසම රැස්වීමට නියමිතය.
No comments:
Post a Comment