බොලිවූඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්වෙයි.
ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන හයසියයක්.ඔහු ඩොලර් මිලියන අටසිය විස්සක වටිනාකමකින් යුත් බවට ඇස්තමේන්තු කොට තිබේ.
තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන හාරසිය අසූවක්.
ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවයි වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසන්නේ.
ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අතිශයින්ම ජනප්‍රිය ෂාරුක් ඛාන් ඉන්දියාවේ හැඳින්වෙන්නේ බොලිවූඩ් බාඩ්සා නැත්නම් බොලිවූඩ් සිනමා සක්විති යනුවෙන්.
ෂාරුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙක්. එසේම ධානපතියක්.
බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘතිය ඉන්දීය මාධ්‍යයට ලැබුන විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බවයි.
No comments:
Post a Comment