අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී සී ටී වී කැමරා
සවිකිරීමේ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අධිකරණය,
අනුරාධපුර පොලීසියට නියෝග කර තිබෙනවා. මීට අදාළ නඩුව අද අනුරාධපුර වැඩබලන
මහේස්ත‍්‍රාත් නදී අකාශ් කුරේරා හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇය නියෝග කර සිටියේ
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාගෙන් උපදෙස්
ලබාගෙන සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසයි. ඒ අනුව ලබන 26
වැනිදා යළිත් අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද
මෙහිදී වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය සැකකාර වෛද්‍යවරයා වෙත නියෝග කළා.
අනුරාධපුර
ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී සී ටී වී කැමරා සවිකිරීමේ
සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා
පොලීසිය වෙත භාරවුණා. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකු
සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුවයි සැකකාර වෛද්‍යවරයා
පොලීසියට භාරවූයේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සී සී ටී වී
කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි
ප‍්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරු වෙත යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක්
අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා
මාරසිංහ මීට පෙර අනුරාධපුර පොලීසිය වෙත නියෝග කර තිබුණා. ඒ සම්බන්ධයෙන්
වාර්තාවද මේ වනවිට මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සැකකාර
වෛද්‍යවරයා මේ වනවිට ඇප මත නිදහස් කර ඇති අතර අනුරාධපුර මූලස්ථාන පොලීසිය
විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
No comments:
Post a Comment