නෙදියවන් ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා බවට දැන් දැන් හැඳින්වුවද ඒ හැඳින්වීම සියයට සියයක් නිවැරදි නොවේ. මක් නිසාදයත් ප්‍රභාකරන් ස්වකීය දිවි ගමනේ අවසන් කාලයේදී ඔහු විසින්ම වෙනත් අනුප්‍රාප්තිකයකු පත්කර සිටි බැවිනි. ඔහු වෙන කිසිවෙකු නොව සෙල්වරාජා පද්මනාදන්ය. බොහෝ පිරිස් ඔහු දන්නේ කේ.පීි. යන කෙටි නමිනි.
ප්‍රභාකරන් තමාගේ ඇවෑමෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ මීළඟ නායකයා ලෙස කේ.පී.ගේ නම බෞතීස්ම කළේ දෙදහස් නවයේ ජනවාරියේය. ඒ යුද හමුදාව කිළිනොච්චිය වැටලීමත් සමගය. හමුදාව සිය ගේ දොරකඩ ළඟට පැමිණීමත් සමග මරණ බිය දැනුණු ප්‍රභාකරන් කේ.පී. එල්.ටී.ටී..ඊ.යේ මීළඟ නායකයා කරමින් ප්‍රකාශ කළේ තමා මියගියද ඔහු (කේ.පී.) විදේශගත කොටි හිතැති දෙමළ ඩයස්‍පෝරාවේද සහය ගෙන ඊළාම් රාජ්‍ය සංකල්පය මතුවටත් රැකගනු ඇති බවය.
ප්‍රභාකරන් මේ ප්‍රකාශය කර හය මසක් ගත වීමට මත්තෙන් මරු තුරුලට ගියේය. ඒ මරණය සමග කේ.පී. එල්.ටී.ටී.ඊ.යේ නව නායකයා ලෙස මැලේසියාවේදී කිරුළු පැළඳුවේය. කෙසේ නමුදු කේ.පී.ගේ කිරුළට අභියෝග කළ අයකු එකල නොර්වේහි හුන්නේය. ඔහු නෙදියවන්ය. ඔහු කීවේ එල්.ටී.ටී.ඊ.යේ නව නායකයා තමා බවය. මේ ද්වන්ධ සටන අතරතුරේදී එල්.ටී.ටී.ඊ.යේ තවත් නායකයකු ඉදිරියට ආවේය. ඔහු ඇමෙරිකාවේ සිටින නීතිඥ විශ්වනාදන් රුද්‍රකුමාර්ය. යාපනය හිටපු නගරාධිපති විශ්වනාදන්ගේ පුතෙකු වන ඔහු එල්.ටී.ටී.ඊ.යේ නීති උපදේශකයාය. පසුව ඔහු හැඳින්වූයේ සංක්‍රමණික ඊළාම් රාජ්‍යයේ අගමැතිවරයා ලෙසය.
No comments:
Post a Comment