පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන් ගෙන් 10 % ක් ජාන මගින් පියයුරු පිළිකා වලට ගොදුරු වන අතර 90% කගේ රෝග කාරකය අපැහැදිලි තත්වයක පවතී.
‘ලන්ඩන් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ ගවේෂකයින් විසින් පිළිකා අවදානමක් නොමැති කාන්තාවන්ගේ ලේ වල පවතින විශේෂ රටාවක් සොයා ගනු ලැබ ඇත.
ජානමය වශයෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති වුවත් හඳුනා ගත් රුධිර රටාව සහිත කාන්තාවන්ට පිළිකාව වැළඳෙන බව ඔවුහු පවසති.
පිළිකා රෝග ලක්ෂණ මතු වීමට වසර දෙකකට පමණ පෙර රුධිර අනුවල වෙනස් කම් ඇති වීමට පටන් ගන්නා බව ද පැවසේ.
මෙම පරීක්ෂණ මෙහෙයවන ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව් ලෑම් පවසන්නේ සිය පරීක්ෂණය පියයුරු පිළිකා හඳුනා ගැනීම අතින් නව බලාපොරොත්තුවක් එක් කරන බවයි.
No comments:
Post a Comment