දැරියක් දූෂණය කිරීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණ තායිලන්ත බෞද්ධ භික්ෂුවක් වසර පහ හමාරක සිර දඬුවමකටයටත් කරන ලද බව වාර්තා වෙයි.
හැටපස් වැනි වියේ පසුවෙන තායිලන්ත භික්ෂුව පසුගිය
වසරේ බැංකොක් නගරයේදී දැරියක් දූෂණය කල බව අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇති
අතර, අවුරුදු පහළොවකටත් වඩා අඩු බාල වයස්කාර එම දැරිය බලහත්කාරයෙන් රඳවා
තබා ගත් බවත් පවසා ඇත.දැරියගේ බෑගයේ තිබී උපත් පාලන පෙති සොයා ගෙන ප්රශ්න කිරීමෙන් පසු දැරියගේ මව විසිනුයි, එම ළමා දූෂණ අපචාරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණේ.
පසුගිය මාස කීපය තුළ බෞද්ධ භික්ෂූන්ට එල්ල වී ඇති අපරාධ චෝදනා හේතුවෙන් තායිලන්තයේ ප්රධාන ආගම වන බෞද්ධාගමේ ප්රතිරූපයට හාණි වෙමින් පවතින බවයි වාර්තා මගින් පැවසෙන්නේ.
No comments:
Post a Comment