Wednesday, June 4, 2014

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල වාර්තාගත ලෙස පහලයයි

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල අද අටවන දිනටත් වාර්තා ගත ලෙස පහලගොස් ඇති අතර ඒ අනූව කිරිපිටි ටොන් එකක මිල ඩොලර් 3756ක් ලෙස සටහන්ව තිබේ.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල අඩුවීම නිසා කිරිපිටි ආනයනකරුවන් වෙනුවෙන් ලබාදී තිබෙන සහන වලින් කොටසක් ඉවත් කරන බව මෙරට මුදල් අමාත්‍යංශය ඊයේ පැවසුවත් කිරිපිටි මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට තවමත් හිමිවී නොමැත.

ඒ අනූව කිරිපිටි කිලෝවක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 57ක රේගු බද්ද රුපියල් 82 දක්වා වැඩි කරන ලදී.

No comments:

Post a Comment