Monday, June 30, 2014

ISIS සටන්කාමීන් ඉරාකයේ සමූහ මිනිස් ඝාතනයක

ISIS සටන්කාමීන් විසින් උතුරු ඉරාකයේ ටික්රිට් නගරයේ සමූහ මිනිස් ඝාතනයක් සිදුකර ඇතැයි ඡයාරූප සහ චන්ද්‍රිකා ඡයාරූප විසින් තහවුරු වී ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් සංවිධානයේ රැඩිකල් ඉස්ලාමීය සටන්කාමීන් කිසිදු අපහසුවකින් තොරව මොසුල් සහ ටික්රිට් නගර අත්පත් කරගත් අතර නැගෙනහිර සිරියාව සහ උතුරු ඉරාකය ඒකාබද්ධ කරගත් මධ්‍යකාලීන යුගයට සමාන මුස්ලිම් රාජ්‍යයක් ගොඩනැගීම ඔවුන්ගේ අරමුණ බව පැවසේ.
හියුමන් රයිට්ස් වොච් පවසන්නේ ඔවුන් විසින් ජුනි 11 සහ ජුනි 14 අතර කාලයේදී ස්ථාන දෙකක මිනිසුන් 160ක් සහ 190ක් අතර ප‍්‍රමාණයක් ම්ලේච්ඡු ලෙස මරා දමා ඇති බවයි.
ලැබී ඇති ඡයාරූප විසින් අයිසිස් සටන්කාමීන් දරුණු යුධ අපරාධයක් සිදුකර ඇති බවට සාක්ෂි ලැබී ඇති බවත් ලෝකයා මේ දෙස බලා සිටින බව ඔවුන් දැනගත යුතු බවත් හියුමන් රයිට්ස් වොච් හදිසි අවස්ථා අධ්‍යක්ෂක පීටර් බුකාර්ට් පවසා තිබේ.
මේ අතර ඔහු සඳහන් කර ඇත්තේ මූලධර්මවාදී සටන්කාමීන් සමූහ මිනිස් ඝාතනයක් සිදුකිරීම පමණක් නොව එය ප‍්‍රචාරය කිරීමද සිදුකරන බවයි.
මින් පෙර ඔවුන් විසින් ටික්රිට්හිදී ඉරාක සෙබළුන් 1700ක් ඝාතනය කළ අතර ඉරාක මානව හිමිකම් අමාත්‍ය මොහොමඞ් ෂියා සුඩානි මරා දමනු ලැබීය.
තවත් ගුවන් හමුදා සෙබළුන් 175ක් ඝාතනය කළ බව ජුනි 22දා වාර්තාවූ අතර මළ සිරුරුවලින් කොටසක් ටයිග‍්‍රීස් ගංගාවට විසි කර දැමූ බව පැවසිණි.

No comments:

Post a Comment