Tuesday, July 22, 2014

ලෝකය උණුසුම් වෙයි.


පසුගිය ජුනි මාසය, 1880 වසරේදී කාලගුණ වාර්තා සටහන් කිරීම ආරම්භ කළ දා පටන් උණුසුම්ම ජුනි මාසය බව ජගත් කාලගුණ වාර්තා පෙන්වා දෙනවා. පසුගිය වසරේ උණුසුම්ම මාසය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ද ජුනි මාසයයි. ආක්ටික් ධ‍්‍රැවයේ අයිස් ජුනි මාසයේ දී වැඩි වශයෙන් දිය වීමක් නිරීක්ෂණය කළ හැකියි. පෘථිවියේ ගොඩබිම් සහ සාගර ප‍්‍රදේශ එක්ව ගත් කළ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 16.22ක් ලෙස සටහන් වුණා. එය 20 වන සියවසේ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියසස් අංශක 1ක පමණ වැඩිවීමක්.

No comments:

Post a Comment