අද(19) රාත්‍රියේ දි කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ.
පිළියන්දල ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහා පෙරහැර අද පස්වරු 06.00 සිට නගරය වටා විථි සංචාරය කිරිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
ප්‍රධාන මාර්ගයේ පිළියන්දල, බෝකුන්දර හංදියේ සිට කැස්බෑව දක්වා වූ මාර්ගය මේ හේතුවෙන් අවහිර විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව පිළියන්දල පසුකර ගමන් කරන රථ වාහන කොළඹ සිට බෝකුන්දර දක්වා පැමිණ බෝකුන්දර හංදියෙන් වමට තිබෙන නිවන්තිඩිය පාරේ මකුළුදූව හරහා දොලේකනත්ත හංදියට පැමිණ දකුණට හැරී කනත්ත පාරේ මාවිත්තර හංදිය දක්වා ගමන් කර කැස්බෑව මාර්ගයට ගමන් කළ හැකි බව සඳහන් වෙයි.
මොරටුව දෙස සිට පිළියන්දල හරහා කොළඹ දක්වා ගමන් කරන රථ වාහන පිළියන්දල සුවාරපොල හංදියෙන් වමට ඇති කුරුස හංදියෙන් ගමන් කර ගංගාරාම පාර ඔස්සේ බෝකුන්දර හංදියට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි බව ද පොලිසිය සඳහන් කරයි.

No comments:
Post a Comment