අධිකරණ නියෝගයක් මත මීට මාස දෙකකට
පමණ ඉහතදී උඩවලව ඇත් අතුරු සෙවනට යවනු ලැබූ අවුරුදු තුන හමාරක පමණ වයසැති
අලි පැටවෙකු සඳුදා මිය ගිය බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
මැයි පස් වනදා ප්‍රතිකාර ලබා දීම සඳහා පේරාදෙණිය
පශු වෛද්‍ය පීඨයට ගෙන ගිය මරණයට පත් අලි පැටියා, ව්‍යාජ බලපත්‍රයක් භාවිත
කර ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණ නියෝගයකට අනුව බලපත්‍ර කරු රක්‍ෂිත
බන්ධනාගාර ගත කර, මැයි මස නව වැනි දින අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවනට
යවනු ලැබීය.අඩි හතරක් පමණ උසැති මිය ගිය අලි පැටියාගේ වයස අවුරුදු තුන හමාරක් හතරක් පමණ විය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.
නීත්‍යනුකූල අයිතිය
නමුත් අලි පැටියාගේ නීත්‍යනුකූල අයිතිය සනාථ කරන බලපත්‍රයක් ඇතැයි පවසන හොරණ වරුණ කන්නන්ගර කියා සිටියේ අලි පැටියාගේ වයස අවුරුදු අටක් හෝ නවයක් බවයි.මහා සංඝරත්නය වැඩමවා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද අඟහරුවාදා අලි පැටියාගේ අවසාන කටයුතු සිදු විය.
අධිකරණ නඩුවලට සම්බන්ධ අලි පැටවුන් මීට පෙර අවස්ථාවලදීත් ඇත් අතුරු සෙවනේ සිටියදී මියගොස් ඇති බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේය.
No comments:
Post a Comment