සිය සාමාජික රටකට රුසියාවෙන් එල්ල කෙරෙන ප්‍රහාරයකට
මුහුණ දීම අතින් පවතින නේටෝ යුද හවුල තුල පවතින දුර්වල සූදානම සම්බන්ධයෙන්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබ ඇත.
එම අනතුරු ඇඟවීම කරනු ලැබ තිබෙන්නේ, ආරක්ෂක කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාවයි.රුසියාවට එරෙහිව නේටෝවේ යුද හැකියාව පමණක් නොව, සංවිධානයේ සාමාජික රටකට එල්ල කරනු ලබන ප්‍රහාරයක් සියලු රටවලට එරෙහිව සිදු කෙරෙන ප්‍රහාරයක් ලෙසින් පිළිගනු ලබන සංවිධානයේ මූලික ප්‍රතිපත්ති වලට සාමාජික රටවල ජනතාව ගරු කරන්නේද යන ප්‍රශ්නයත් දැන් පැන නැග ඇති බවයි, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව වාර්තාව පෙන්වා දෙන්නේ.
ඉහත කී වාර්තාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රසාදය පළ වී ඇති බවත් වාර්තා වෙයි.
රුසියාවේ හැසිරීම
මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එමින් බීබීසී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වාර්තාකරු රොබ් වොට්සන් පවසන්නේ, නේටෝව පසුගිය වසර විස්සක කාලය ඇතුළත රුසියාව සිය සතුරු රටක් ලෙස හෝ එරටින් තර්ජනයක් ඇතැයි නොසැලකු බවයි.එහෙත් 2008 වසරේ ජෝර්ජියාවට ආක්‍රමණය කරනු ලැබීම ,පසුගිය දා යුක්රේනය සම්බන්ධයෙන් කරන ලද මැදිහත් වීම් සහ එස්තෝනියාවට එරෙහිව එල්ල කරන ලද සයිබර් ප්‍රහාර ආදිය අනතුරු ඇඟවීම් හැටියට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සලකන බවයි, බීබීසී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වාර්තාකරු රොබ් වොට්සන් පවසන්නේ.
සිය සාමාජික රටකට එරෙහිව එල්ල වෙන සාම්ප්‍රදායික සහ අසමමිතික ප්‍රහාර ඉදිරියේ නේටෝවේ නිද්‍රාශීලී හැසිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කනගාටුවට පත්ව සිටින බවත් බීබීසී වාර්තාකරු පවසයි.
No comments:
Post a Comment