ශ්රී ලංකාවට ලකුණු 77ක විශිෂ්ට ජයක්
ශ්රී ලංකාව හා පකිස්ථානය අතර පැවැති දෙවන එක්දින ක්රිකට් තරඟයෙන් ලකුණු 77 ක ජයග්රහණයක් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.අද තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ට ලකුණු 310ක් ලබා ගැනීමට සමත් විය.
මෙහිදී ඉතා විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 93ක්ද,මහේල ජයවර්ධන ලකුණු 67ක්ද, තිසර පෙරේරා අගනා ලෙස පිත්ත හසුරවමින් ලකුණු 65ක් ද ලබා ගන්නා ලදී.
ඊට ප්රතිචාර ලෙස පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 5ක් තුළ සියලුදෙනාම දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 233ක් පමණි.
එහිදී පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් හෆේස් ලකුණු 62 ක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු යැවීමේදී තිසර ලකුණු 19ට කඩුළු 3ක්ද,ප්රසන්න ලකුණු 36 ට කඩුළු 2ක්ද,රංගන හේරත් ලකුණු 38 ට කඩුළු 2ක්ද දවාගැනීමට සමත්වී තිබේ.
No comments:
Post a Comment