Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, August 4, 2014
A child kidnapped in Meegalawa
සිව් හැවිරිදි දරුවෙකුපැ හැර ගෙන ගොස් කෝටියක කප්පම්........?
මීගලෑව කටුගම්පළ ගම ප්‍රදේශයේ දී සිව් හැවිරිදි දරුවෙකුපැ හැර ගෙන ගොස් කෝටියක කප්පම් ඉල්ලූ සැකකරුවන් සිව්දෙනා රඳවාගැනීමේ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (02) රාත්‍රී සැකකරුවන් ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා ගත් බව ඔහු පැවැසීය.
කප්පම්කරුවන් කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම් ලබාදීමට භාවිත කොට ඇත්තේ ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමක සිව් කාඩ්පත් කීපයකි. එම සිම් කාඩ්පත කුරුණෑගල ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙක් ගෙන් ලබා ගත්තක් බව අනාවරණය වී තිබේ. එම සිම් කාඩ්පත් අලෙවි නියෝජිතයා විසින් කප්පම්කරුවන්ට ලබා දී ඇත්තේ පිටකොටුව නාට්ටාමිවරයෙකුට අයත් හැඳුනුම්පතක පිටපතකටය.
එම සිම් කාඩ්පත පාවිච්චි කළ කප්පම්කරුවා ගැන තොරතුරු කිසිවක් අදාළ ජංගම දුරකථන සමාගමේ සටහන්ව තිබි නැත. එබැවින් එම සිම් කාඩ්පත නිකුත් කළ අලෙවි නියෝජිතයාට එරෙහිව දරුවා පැහැර ගෙන කප්පම් ඉල්ලීමට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අදාළ ජංගම දුරකථන සමාගම සමග මීට පෙරද මෙවන් ප්‍රශ්න ඇතිවී තිබෙන බැවින් එම සමාගමට එරෙහිව යම් පියවරක් ගන්නා බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment