Sunday, September 14, 2014

ගැහැණු ළමුන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට


පකිස්තානයේ කතෝලික සහ හින්දු ගැහැණු ළමුන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම් සිදු වන බවට වාර්තා වෙයි.

පකිස්තානයේ කතෝලික සහ හින්දු ගැහැණු ළමුන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම් සිදු වන බවට වාර්තා වෙයි.

'මීට ගොදුරු වන ඇතැමුන් බාල වයස්කාර දැරියන්'
අනතුරුව ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දෙන අතර මීට ගොදුරු වන ඇතැමුන් බාල වයස්කාර දැරියන් වන බවයි පකිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ.
මුස්ලිම් නොවන ගැහැණු ළමුන් ඉස්ලාම් ආගමට හැරවීම ඇතැම් මුස්ලිම් නායකයන් සලකන්නේ ගෞරවනීය දෙයක් ලෙසින්.
පකිස්තානයේ සහයෝගීතාවය සහ සාමය සඳහා වන ව්‍යාපාරය පවසන්නේ වසරකට දහසක් පමණ ගැහැණු ළමුන් මෙයට ගොදුරුවන බවයි.
නමුත් මෙම සංඛ්‍යා ලේඛන සනාථ කිරීම අපහසු වී ඇත්තේ සිදුවීම් වාර්තා කිරීමට බොහෝ අය බිය වන නිසාය.

No comments:

Post a Comment