මුහුදට මුහුණ ලා පිහිටා ඇති කඳු තුඩු වලට සවි කෙරුණ
නිවාස තැනීමේ අදහසක් 'ක්ලිෆ් හවුස් බයි මොඩ්ස්කේප්' නම් ඕස්ට්‍රේලියානු
ඉංජිනේරු සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.
නිවසක් තැනීම භාර දීමට 'ක්ලිෆ් හවුස් බයි
මොඩ්ස්කේප්' ආයතනයට පැමිණි යුවලක් ඉදිරිපත් කළ අදහසකින් පෝෂණය වූ මෙම දළ
සැකසුම ක්‍රියාවට නැංවීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත.මහල් තුනකින් යුතු යෝජිත නිවස නිදන කාමර තුනක්, සඳලුතලයක්, මුහුදු සුළං විඳීමට හැකි විවෘත කොටසක් සහ නාන කාමරයකින් යුක්තව සුඛෝපභෝගී ලෙසින් නිමවීමටයි දළ සැකැස්ම නිර්මාණය කර තිබෙන්නේ.
අධික වියදම
බ්‍රිතාන්‍ය රාජකීය වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ සභාපති මැක්ස්වෙල් හචින්සන් පවසන්නේ පර්වතය තුලට යකඩ කණු කිඳා බැස්වීම මගින් නිවස ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම සකසා ගත හැකි නමුත් එවන් සැලැස්මක් ක්‍රියාවට නැංවීමට අති විශාල වියදමක් දැරීමට සිදු විය හැකි බවයි.පරිඝනකය භාවිතා කරමින් යෝජිත නිවසේ දළ සැකැස්මට සමානව නිර්මාණය කරන ලද ඡායාරූප ඉදිරිපත් කරන 'ක්ලිෆ් හවුස් බයි මොඩ්ස්කේප්' ඉංජිනේරු ආයතනය පවසන්නේ වියදම දැරීමට කැමති වුවත් පාරිභෝගිකයන්ට නිවසේ ජීවත් වීමට නම් උස ස්ථාන වලට ඇති බය නැති කර ගත යුතු බවයි.

No comments:
Post a Comment