Sunday, September 14, 2014

Smartwatch

ස්මාර්ට්වොච්


නවීන ජංගම දුරකතනයක අඩංගු පහසුකම් සහිත එමෙන්ම පරිගණකයක් සමානව ක්‍රියා කරන අත් ඔරලෝසුවක් ඇපල් සමාගම විසින් හදුන්වා දෙයි.

නවීන ජංගම දුරකතනයක අඩංගු පහසුකම් සහිත එමෙන්ම පරිගණකයක් සමානව ක්‍රියා කරන අත් ඔරලෝසුවක් ඇපල් සමාගම විසින් හදුන්වා දී තිබේ.
ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ අභාවයෙන් පසු එම සමාගම විසින් වෙළඳපළට නිකුත් කළ නවතම නිෂ්පාදනය, ස්මාර්ට්වොච් (Smartwatch) නමින් හැදින්වෙන පරිගණක පහසුකම් සහිත මෙම අත් ඔරලෝසුවයි.
හදවත් ස්පන්දන වේගය ඇතුළු ශරීර යෝග්‍යතාව මැන බලන විශේෂිත පරිගණක මෘදුකාංගයකින් සමන්විත අත් ඔරලෝසුව අවශ්‍ය විටකදී ඇපල් අයි ෆෝනයත් සමග සම්බන්ධ වීමේ හැකියාවද සහිතයි.
මුහුණත් මාදිලි එකොළහකින් හඳුන්වා දී ඇති ඇපල් අත් ඔරලෝසුවේ පටිය, මිලදී ගන්නන්ට අවශ්‍ය වන පරිදී වෙනස් කල හැකියි.
නවතම ඇපල් අත් ඔරලෝසුව සමග, පෙර මාදිලි වලට වඩා ප්‍රමාණයෙන් විශාල නවතම ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන දෙකක්ද වෙළඳපළට හඳුන්වා දී තිබේ.
අයි ෆෝන් 6 එස් (iPhone 6 s) සහ අයි ෆෝන් 6 ප්ලස් (iPhone 6 Plus) ලෙසයි එම අයි ෆෝන් දුරකතන නම් කර ඇත්තේය.

No comments:

Post a Comment