Wednesday, September 24, 2014

නාසා යැවූ යානය අඟහරුට කක්‍ෂගත වෙයි

අඟහරු වටා ගමනේ යෙදෙන අතරතුර එහි වායුගෝලය පිළිබඳ අධ්‍යයනයක යෙදෙනු ඇත.
‘මාවෙන්’ චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්යය වන්නේ උණුසුම් සහ තෙත ග්‍රහලෝකයක් වශයෙන් පැවතුණු අඟහරු ග්‍රහයා මීට වසර බිලියන ගණනකට පෙර වියළි සහ ශීතල ග්‍රහයකු බවට පත් වූයේ කෙසේද යන්න සොයා බැලීමයි.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කලින් ඉතා ඝනව පැවතුණු වායුගෝලය පසුව තුනී වෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත් ‘මාවෙන්’ යානය අඟහරු මතුපිටට ගොඩ බැස්සවීම සඳහා විද්‍යාඥයන් සැලසුම් කර නොමැත.
තව සති හතරකින් අඟහරු අසලින් ගමන් කිරීමට නියමිත ධූමකේතුව පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහාද මෙම චන්ද්‍රිකාවේ සහාය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment