Tuesday, September 23, 2014

Haldummulla PS chairman arrested


හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවේ

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතාට කඩුවකින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් ධනරත්න මහතා ඇතුළු 5 දෙනෙකු හපුතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (21) උදේ 5.10ට පමණ එජාප මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතාගේ හල්දුම්මුලේ නිවස ඉදිරිපිට මාර්ගයේදී මෙම පහරදීම මෙම පහරදීම සිදුව තිබුණි.

ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සෙසු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අද දිනයේය.

මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී ඇති අතර ලබන 2 වැනිදා යළි නඩු විභාගය කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ එජාප මන්ත්‍රීවරයා කැපුම් තුවාල ලබා එම අවස්ථාවේදී දියතලාව රෝහලට ඇතුළත් කරන ලදී.

No comments:

Post a Comment