Wednesday, September 17, 2014

Fuel prices reduced- Petrol price cut by Rs 5 per lit.&Electricity tariff reduced .


බදාදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල හා ඉන්ධන මිල අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනය කළේය.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග නොරොච්චෝලේ තාප බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාතිබේග
එ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද, භූමි තෙල් ලීටරයක මිල රුපියල් විස්සකින්ද, ඩීසල් ලීටරයක් මිල රුපියල් තුනකින්ද පහළ දැමීමට නියමිතයි.
නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ අවසන් අදියරය විවෘත කිරීමත් සමග විදුලි බිල සියයට විසි පහකින් පහළ දැමීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
පුත්තලමට නොපැමිණි දෙරටේ ජනාධිපතිවරු කොළඹ ජනාධිපති කාර්යාලයේ සිට දුරස්ථ පාලකයක් ආධාරයෙන් සිහිවටන පලකය නිරාවරණය කළහ.
විවෘත කිරීමේ අවස්ථාව සඳහා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ උත්සව දෙකක් සංවිධානය කර තිබුණි.
දෙරට අතර ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ගිවිසුම් 20 කට වැඩි ගණනකට අත්සන් තැබේ

No comments:

Post a Comment