Saturday, September 13, 2014

One killed in wild elephant attack


වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

ත්‍රිකුණාමලය, සේරුනුවර ප්‍රදේශයේ දි වන අලියෙකුගේ පහරදීමකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ කුඹුරු වගාවක් ආරක්ෂා කරමින් සිටිය දි අදාළ පුද්ගලයා මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.

පහරකෑමට ලක්වු පුද්ගලයා සේරුනුවර රෝහලට රැගෙන යමින් සිටිය දි මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි කිලිවෙඩ්ඩි, ලිංගපුරම් ප්‍ර දේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිසුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment