Saturday, September 13, 2014

35-year-old shot dead in Horana

 

හොරණ වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරු‍ට

 

 
හොරණ, ඉලිබ ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද පස්වරු 02.00 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වෙයි

අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දි පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මොහුට වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා එම ස්ථානයේදිම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වි නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment