Saturday, October 18, 2014

Welipenna Interchange of expressway flooded


දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම වසාදමයි






 වැසි ජලය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා පිටවීමේ දොරටු තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි.

වැල්පැන්න පිටවීමේ සිට අලුත්ගම සහ මතුගම දෙසට ධාවනය කෙරෙන වාහන වැලිපැන්න නගරය ,කොහිලවල , මුණමල්වත්ත පාලම, වලගෙදර පන්සල් හන්දිය යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය .

ඒ අනුව වැලිපැන්න පිවිසුම් මාර්ගයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හෝ පිටවීමට නොහැකි වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Post a Comment