Monday, November 3, 2014

Twenty-two injured in multi-vehicle collision


බස් රථ 3ක් සහ මෝටර් රථයක් ගැටී 22ක් රෝහලේ


නිට්ටඹුව, කඹුරාදෙණිය ප්‍රදේශයේදී බස් රථ 3ක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ලංගම බස් රථ දෙකක්, පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

අදාළ අනතුර හේතුවෙන් තුවාල සිදුවු පුද්ගලයින් දෙදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් විසිදෙනා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment