Tuesday, March 10, 2015

ළමා හා කාන්තා හිංසන වැඩිවෙලා


වර්තමානයේ මෙරට තුළ ළමා හා කාන්තා හිංසන ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 මෙම තත්ත්වය තුළ  සමාජය සදාචාරත්මකව පිරිහීමකට ලක්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 රට තුළ භෞතික සම්පත් හා සමාජ සම්පත් ඉහළ යමින් පැවතිය ද විනයගරුක භාවය පිරිහීමකට ලක්වෙමින් පවතින බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

රාගම, පුනරුත්තාපන රෝහලේ ඉදිකරන ලද ළමා පියස ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ හිංසනයට පත්වන බොහෝ පිරිස් අසරණ තත්ත්වයට පත්ව ඇති අතර මෙම පිරිස් නීතියේ පිහිට පැතුව ද ඔවුන්ට අවශ්‍ය රැකවරණය ඉන් නොලැබෙන බවයි.

මෙම තත්ත්වයන් සඳහා ඉතා කඩිනමින් විසඳුම් සෙවිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා සෑම පළාතක් තුළම මෙවැනි ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ආයතනයක් පිහිටවිය යුතු බව ද සඳහන් කළේය

No comments:

Post a Comment