Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Tuesday, March 10, 2015
එංගලන්තය විසිවෙයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු එංගලන්තයෙන් අද ගිළිහුණි.
ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගිනි.
ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මීළඟ වටයට පිවිසීමට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ.
අද තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 275ක් ලබාගත් අතර එංගලන්තයට ලබාගත හැකිවුයේ පන්දුවාර 48.3දී ලකුණු 260ක් පමණි.
ඒ අනූව මෙම තරඟයෙන් බංග්ලාදේශය ලකුණු 15කින් මෙම තරඟය ගනිමින් මීළඟ තරග වටයට සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
Labels:
Sport
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment