Monday, March 23, 2015

ඉඩම් ජාවාරමක් අනාවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්

ඉඩම් ජාවාරමක් අනාවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්



රජයේ ඉඩමක අනවසරයෙන් කම්බි ගසා කොටු කර අලෙවි කිරීමට සුදානම් වීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය පුත්තලම ප්‍රාදේශීය මාධ්‍යවේදී හිරාන් පියංකර ජයසිංහ මහතාට කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී තුවාල සිදු කර තිබේ.

23 වැනිදා දහවල් පුත්තලම - පාලාවිය ප්‍ර‍දේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑමට ලක්වූ හිරාන් පිංයකර ජයසිංහ මහතා මේ ව විට පුත්තලම  මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පුත්තලම - පාලාවිය, වීරකොබ්බෑකඩුව විහාරස්ථානයට සමීපයේ පිහිටි ඉඩමක් නීති විරෝධී ලෙස කොටු කර අලෙවි කිරීමට සුදානම් වන බවට වූ තොරතුරක් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියාට ලැබී ඇත.

ඒ අනුව සිද්ධිය වාර්තා කිරීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහර දීම සිදුවී ඇත.

මෙම ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පුත්තලම පොලීසිය හමුවේ පැමිණිලි කීපයක්ම මීට පෙර සිදු කර තිබිණ.

මෙම ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ කීප දෙනෙකුට එරෙහි පැමිණිලි විභාග වන බවද දැන ගන්නට ඇත.

තමන් විසින් ප්‍රවෘත්තිය අවරණය කරමින සිටින විට එහි පැමිණි අය තමන්ට පහර දී බිම දිගේ ඇදගෙන ගිය බවත්, ඔවුන් තමන් ගෙළ පැළඳ සිටි රන් දම්වැල කඩා ගෙන ගොස් ඇති නමුත් අපහසුවෙන් කැමරා ආම්පන්න බේරා ගත් බවද රෝහල් ගත කර සිටින හිරාන් පියංකර ජයසිංහ මහතා පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්,එසේ නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව මාධ්‍යවේදීන්ගේ සමුපාකාර සමි‍තියේ සභාපති කාංචන කුමාර ආරියදාස මහතා පැවසීය.





පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියා.



සිද්ධියට අදාල ඉඩම කම්බි ගසා කොටු කර ඇති ආකාරය.



මාධ්‍යවේදියාට පහරදීමට සම්බන්ධ පුද්ගලයා.

No comments:

Post a Comment