ඉඩම් ප්‍රශ්නය ලෝකයේ බොහෝ රටවල දේශපාලන ප්‍රශ්න වලට මුල් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා
එම අදහස පළ කළේ යුද්ධය නිසා ඉඩම් අහිමි වූ ජනතාවගෙන් කොටසකට ඔවුන්ගේ ඉඩම්
යළි භාර දීම සඳහා යාපනයේ සංවිධානය කෙරුණ මහජන හමුවකදී.අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 425 ක් එහි මුල් පදංචිකරුවන්ට පැවරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණ.
එම ජන හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩම් ප්‍රශ්න නිසා බොහෝ විට මහජන කැරලි ගැසීම්,විප්ලව සහ ආණ්ඩු පෙරලීම් සිදු වී ඇති බවත් සඳහන් කළේය.
සමස්ත රටේම ප්‍රශ්නයක්
‘යුද්ධය නිසා ඇති වූ ඉඩම් ප්‍රශ්නය උතුරු පළාත සහ නැගෙනහිර පලාතට පමණක් නොව කොළඹ අගනුවර ද ඇතුළුව මුළු රට පුරාම මතු වූ ගැටළුවක් බවට පත්වූ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් පවසන්නේ.‘ඔබට අද තිබෙන්නේ යුද්ධය නිසා ඇති වූ ඉඩම් අහිමි වීම ඇතුළු ගැටළු රාශියක්.මේ ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙන්නේ ජනතා සිත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමටයි. ඔබ පළාතේ නායකයන් මේ ප්‍රශ්න ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවේ දීත් ඉදිරිපත් කරනවා’ ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතික සහජීවනය
රට තුළ සිංහල දමිළ සහ මුස්ලිම් සහෝදරත්වය සහ සහජීවනය ගොඩ නැගීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතීන් අතර සැකය සහ අවිශ්වාසය තුරන් කළ යුතු බවයි කියා සිටියේ.එහෙත් එම සැකය අවිශ්වාසය තුරන් කළ හැක්කේ ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීම තුලින් පමණක් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.
මෙය ආරම්භයක් පමණක් වන බව කියා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න විසඳීමට කාලය අවශ්‍ය බවත් ඉඩම් පැවරීම පමණක් නොව යුද සමයේ විනාශ වූ පූජනීය ස්ථාන යළි යථා තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, උතුරු පළාතේ ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පලිහක්කාර සහ මහ ඇමති සී.වී විග්නේෂ්වරන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඉහත කී අවස්ථාවට සහභාගී වූහ.






No comments:
Post a Comment