Monday, March 16, 2015

වෙළේ සුදාගේ පරීක්ෂණ වාර්තා වලට මොකද වුණේ?

 
සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා නැමැත්තාට එරෙහි චෝදනා වලට අදාළ පරික්ෂණ වාර්තා අස්ථානගතවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය ගල්කිස්ස කොට්ඨාශභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝගකර තිබේ.

නඩුව අද(16)  කැඳවු අවස්ථාවේ රජයේ නීතිඥවරයා විසින් අදාළ පරික්ෂණ වාර්තා අස්ථානගතවීම සම්බන්ධයෙන් සොයා බැලිම අවශ්‍ය බව අධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව  ඒ පිළිබඳ සොයා  බලා ලබන 18 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස  කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා නියෝග කර ඇත. 

2000 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.5 ක් ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර ආරක්ෂක හේතුන් මත මීළඟ නඩු දිනයේදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකි බවට රහස් පොලිසිය කළ ඉල්ලිමට අධිකරණ‍යේ අවසරය හිමිව තිබේ.

No comments:

Post a Comment