Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, April 20, 2015
මගේ කීර්ති නාමය විනාශ කරන්න හදනවා
එළඹෙන 23 සහ 27 යන දෙදින තුළ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට තමාට කැඳවීමක් සිදුකර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද දෙරණට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සඳහන් කළේ රට වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකළ තමාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ අතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
තමා රාජ්‍ය සේවයට බැඳුණු දා සිට අද දක්වා කිසිදු අයථා මුදලක් උපයා නොමැති බවත්, වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් තමාගෙන් පළිගැනීමට කටයුතු කරන බවත්, ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී ලංකාව තුළ තමාට ඇත්තේ එකම බැංකු ගිණුමක් බවත්, එය හුණුපිටිය ලංකා බැංකු ශාඛාවේ ඇති බවත්, එම ගිණුම වසර 30ට වඩා අධික බවද හෙතෙම සඳහන් කර සිටියේය.
අදාළ ගිණුමට මුදල් ලැබී ඇත්තේ යුද හමුදා විශ්‍රාම වැටුප සහ ආරක්ෂක ලේකම් වැටුප බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment