Monday, April 20, 2015

ජනපති-අගමැති විශේෂ හමුවක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් මේවන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

සාමාන්‍ය පරිදි අද පෙරවරුවේ  පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එය නොසන්සුන්තාවයෙන් යුතු වූ බව සඳහන්ය.

එබැවින් මේ මොහොතේ පවත්නා උණුසුම් දේශපාලන වාතාවරණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බවත්,එහිදී වැදගත් තීරණයක් ගනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment