Sunday, May 3, 2015

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගන්නවා!

 
ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා‍‍වේ ප්‍රජාතන්ත්‍රවාදය නගා  සිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ අත්වැල බැඳගන්නා බව අමෙරිකානු  රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.

අද පෙරවරුවේ ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව වි‍දේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ඒ අනුව වාර්ෂිකව ද්වීපාර්ශවික සාකච්ඡාවක් දෙරට ගොඩ නැඟීමටද කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.

එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට කිසි විටෙක නොපැකිලෙන බවත් එය වර්තමාන රජයේ දින සියයේ වැඩපිළිවෙළින් වඩා ඔප් නැන්වෙන බවත්, ජෝන් කෙරී මහතා එහිදී පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment