Friday, May 8, 2015

ගෝඨාභය වටගලගෙන් බිලියනයක් ඉල්ලයි


ගෝඨාභය වටගලගෙන් බිලියනයක් ඉල්ලයි
අම්පාරේ පැවැත් වූ දැයට කිරුළේ රුපියල් කෝටි 13ක මුදල් වංචාවක් සිදුව ඇතැයි කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ජවිපෙ විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලට අදාළව සිදුවූ අපහාසයට වන්දි ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරයෙකු  මාර්ගයෙන් සුනිල් වටගල මහතාට එන්තර වාසියක් යවා තිබේ.

2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘතිවලදී මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව කියමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස හා නීතිඥ සුනිල් වටගල යන අය පැමිණිල්ල කරන ලදී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්)  වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් කර තිබිණ.

ඉන් තම කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනක් සතියක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා අදාළ එන්තර වාසිය යවා ඇති අතර එසේ නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සඳහන්ය.

ඉහත දැක්වෙන්නේ එම එන්තර වාසියයි.

No comments:

Post a Comment