තායිලන්තයේ මැලේසියානු දේශ සීමාවේ කැලෑවක් තුළ නොගැඹුරු මිනී වලවල් වල තිබී තවත් මළ සිරුරු තුනක් හමුවූ බව තායිලන්ත බලධාරීහු පවසති.
නීතිවිරෝධී
ලෙස මිනිසුන් රට තුළට ගෙන ඒමේ ජාවාරමක් සිදු වෙන බවට සැලකෙන ප්රදේශයක දී
සිකුරාදා හමු වූ අත්හැර දමන ලද තාවකාලික රැඳවුම් කඳවුරක් වියහැකි තැනකින්ය
මෙම සිරුරු හමුවී ඇත්තේ.මියගියවුන් ගෙන් බොහොමයක් රෝගයකින් හෝ කුසගින්නෙන් මිය යන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙසේ මියගියවුන් මියන්මාරයේ රෝහින්ග්යා නම් සුළු ජන වර්ගයට අයත් යැයි සැක කෙරෙන අතර මිනිස් ජාවාරම් කරුවන්ගේ ආධාරයෙන් තායිලන්තයට පලා ආ පිරිස් විය හැකි බවටයි සැක කරන්නේ.
ඉදිරි දිනයන් හි දී සියලුම මිනී වලවල් ගොඩ දමා මරණ පරීක්ෂණ පවත්වන්නට කටයුතු කරන බව පොලීසිය පවසයි.
No comments:
Post a Comment