Tuesday, August 4, 2015

හිටපු කොටි සාමාජිකයන්ගේ ස්වයං නිර්ණ ඉලක්කය


ලංකාවේ වාර්ගික ප්‍රශ්නය විසදීම පිණිස අතීතයේදී අත්සන් තබන ලද ඉන්දු-ලංකා සාමගිවිසුම, ඔස්ලෝ ගිවිසුම මෙන්ම තිම්පු සාකච්ඡාද සැලකිල්ලට ගෙන නව ක්‍රමයක් ඔස්සේ පාලන ව්‍යුහයක් සකස් කළ යුතු බව තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කළේයැයි නඩේෂපිල්ලේ විද්‍යාදරන් පැවසීය.
 ඊට අමතරව ත්‍රිම්පු සාකච්ඡා වලදී සම්මත කරගන්නා ලද ගිවිසුමේ සදහන් පරිදි මෙම ප්‍රශ්නය විසදාගැනීමට උතුරු-නැගෙනහිර පළාත් එකට එක්කිරීම,දෙමළ ජාතියට ජාතියක් වශයෙන් පිළිගැනීමක් ලබාදීම, හා ස්වයං නිර්ණ අයිතිය ලබාදීම යන කරුණු ඉටු කිරීමටද රජයට හැකියාව ඇති බැවින් එම යෝජනාවද තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ බව එල්.ටී.ටී.ඊ. යේ හිටපු සාමාජිකයින්ගේ කණ්ඩායමේ නායක උදයන් පුවත්පතේ හිටපු කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පැවසීය.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සදහා තෝරාගත්තේ 1987 දී ඉන්දු-ලංකා සාමගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වේලුපිල්ලේ ප්‍රභාකරන් ජනතාව ඇමතූ ස්ථානය වූ යාපනයේ සූදුමලෙයි පළාත වුවත් පොලීසිය ඊට අවසර ලබා නොදුන් වගද විද්‍යාදරන් කියා සිටියේය.
මේ නිසා ඒ අසල වූ හින්දු කෝවිලක් තෝරාගෙන එහි පූජාවක් පවත්වා මියගිය එල්.ටී.ටී,ඊ. සාමාජිකයින් සිහිකොට එම සංවිධානයේ සිට මියගිය සාමාජිකයෙකුගේ පියාට ප්‍රතිපත්ති ප්‍රකාශනය මුලින්ම පිළිගැන්වූ වග ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසදුම් සෙවීමේදී ඉන්දු-ලංකා සාම ගිවිසුමේ ඇතුළත් වූ කරුණු අතර 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට තැනක් ලබාදිය හැකි බවත්, ඔස්ලෝ නුවරදී එවකට ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර අත්සන් තබන ලද ගිවිසුමේ සදහන් බලය බෙදීමේ ක්‍රියාවලිය මේ අවස්ථාවේදී උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසදීමට යොදාගත හැකි බව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රජයට යෝජනා කොට ඇතැයිද විද්‍යාදරන් පැවසීය.
ඊට අමතරව ත්‍රිම්පු සාකච්ඡා වලදී සම්මත කරගන්නා ලද ගිවිසුමේ සදහන් පරිදි මෙම ප්‍රශ්නය විසදාගැනීමට උතුරු-නැගෙනහිර පළාත් එකට එක්කිරීම,දෙමළ ජාතියට ජාතියක් වශයෙන් පිළිගැනීමක් ලබාදීම, හා ස්වයං නිර්ණ අයිතිය ලබාදීම යන කරුණු ඉටු කිරීමටද රජයට හැකියාව ඇති බැවින් එම යෝජනාවද තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ බව විද්‍යාදරන් කියා සිටියේය.

No comments:

Post a Comment