එල්.ටී.ටී.ඊ.යේ හිටපු නායක වේලුපිල්ලේ
ප්රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස කටයුතු කළ තමන් හමුදාවේ අත්
අඩංගුවට පත්ව රජයෙන් පුනරුත්ථාපනය වී අධිකරණ නියෝගයකින් නිදහස ලද හෙයින්
අතීතයේ තොරතුරු පැවසීම ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකි යැයි මෙවර යාපනය
දිස්ත්‍රික්කයෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ශිවානන්දන් නජීන්ද්‍රා
පැවසීය.
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමජිකයින්
පිරිසක් මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරණ අතර එම කණ්ඩායම
නියෝජනය කරණ ශිවානන්දන් නජින්ද්රා වයස තිස්දෙකක තරුණයෙකි.ප්රජාතන්ත්රවාදී රාමුව
තමන් දැන් එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකු නොවන නිසා ප්රජාතන්ත්රවාදී රාමුවට ගරු කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුයේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න වලට විසදුම් සෙවීම පිණිස බව ඔහු ප්‍රකාශ කළේය.අහිංසක දෙමළ ජනතාව එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ශක්තිය හා පැවැත්ම වූයේද එම ජනතාවගේ ශක්තිය හා විශ්වාසය බවද නජීන්ද්‍රා පැවසීය.
ඒ ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ඉඩම්, කෘෂිකාර්මික යන ප්‍රශ්නද අනාථභාවය, වැන්දඹුකම, දේපල අහිමි වීම හා බලාපොරොත්තු කඩවීම යන ගැටලුවලට විසදුම් සෙවීම තම දේශපාලන කණ්ඩායමේ අපේක්ෂාව බවද හෙතෙම කියා සිටියේය.
බොරු පොරොන්දු
දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවලට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින්ගේ නම් ඇතුළත් කරණ ලෙස කළ ඉල්ලීම එහි නායකයින් ඉතා සැහැසි ලෙස ඉවත දැමීමේ ක්‍රියාව දැඩි අසාධාරණයක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ව බලයට පත් කිරීමටත්, ඔවුන්ව රැක ගැනීමටත් ගත් උත්සාහය ඔවුන් මේ වන විට සම්පූර්ණයෙන්ම අමතක කොට දමා ඇති බව පෙනෙන්නට තිබීම නිසා යැයි නජීන්ද්‍රා කියා සිටියේය.අසරණ දෙමළ ජනතාව රවටවමින් බොරු පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡන්ද ලබා ගනිමින් දෙමළ ජාතික සන්ධානය සදාකල් දේශපාලන බිමේ රැදී සිටීමට උත්සහ කළත් අනාගතයේදී එම දෙමළ ජනතාව රැවටිය නොහැකි අන්දමට තම කණ්ඩායම ශක්තිමත් දේශපාලනයක නිරත වීමට අදිටන් කර ගෙන ඇතැයිද ඔහු පැවසීය.
යාපනයේ ජනතාව තම කණ්ඩායම කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් විශාල සහයෝගයක් ලබා දෙන අතර තුර උතුරු පළාත් සභාවේ එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා සහ ආනන්දි සශිහරන් මන්ත්‍රීවරිය කැපවීමකින් සහය ලබා දෙන වගද නජීන්ද්‍රා සදහන් කළේය.
මෙවර ස්වේච්ඡා කණ්ඩායමක් ලෙසින් මැතිවරණයට ඉදිරිපත් වුවත් ඊළග මැතිවරණ වලදී තම කණ්ඩායමට තරග කිරීම සදහා ප්රජාතන්ත්රවාදී සටන්කාමී පක්ෂය වශයෙන් නව පක්ෂයක් මැතිවරණයෙන් පසුව ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙල කොට ඇතැයිද ප්රභාකරන්ගේ හිටපු ආරක්ෂක නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment