Tuesday, January 12, 2016

පාන් රාත්තලක මිල ඉහළට


පාන් රාත්තලක මිල හෙට මධ්‍යම රාත්‍රීයේ සිට රුපියලකින්  ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හෙට දින පෙරවරුවේ බේකරි හිමියන්ගේ සංගමයේ රැස්වීමක් කැඳවා ඇති බැවින් තීරණය පිළිබඳ එහිදී තවදුරටත් සාකච්ඡා කොට හෙට පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිශ්චිත තීරණය දැනුම්දෙනු ඇත.

මේ අතර අද දෙරණ කළ විමසුමකදී පාරි‍භෝගික ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ පාන් යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර නොමැති බැවින් පාලන මිලක් නියම කිරීමට හෝ මිල ඉහළයාම වැළැක්වීමට පියවර ගැනීමට තම ආයතනයට හැකියාවක් නොමැති බවයි.

මේවන විට ග්‍රෑම් 450 ක සාමාන්‍ය පාන් රාත්තලක මිල රු.54 ක් වන අතර ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව එය රු.55 ක් දක්වා වැඩිවනු ඇත.

No comments:

Post a Comment