එක්සත් ජනපදය තම යුද බලය පෙන්වීම සඳහා දකුණු කොරියාවට ඉහළින් ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කරවීය.
බී-52
වර්ගයට අයත් මෙම බෝම්බ හෙළන ජෙට් යානය දකුණු කොරියානු ගුවන් කලාපයේ පියාසර
කර වූයේ ජලකර බෝම්බයක් සාර්ථකව අත් හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය
කිරීමෙන් දින කිහිපයකට පසුවයි න්‍යෂ්ටික අවි ගෙන යා හැකි මෙම දුර විහිදුම් ප්‍රහාරක යානය ගුවනේ පහල මට්ටමින් පියාසර කර ඇත්තේ එක්සත් ජනපද සහ දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව මධ්‍යයේ යි.
උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත් හදා බැලීම හෙළා දකිමින් ලොව නන් දෙසින් විවේචන එල්ල වන අතර ඇත්තටම එවැන්නක් අත් හදා බැලුවේද යන්න ඇතැම් විශේෂඥයන්ගේ සැකයට භාජනය වී තිබේ.
No comments:
Post a Comment