Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, February 1, 2016
පළිගැනීමක් නෙවෙයි - වරදක් කර නැත්නම් බේරෙයි
යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලන පළිගැනීමක් වශයෙන් යයි තමන් විශ්වාස නොකරන බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
හොරු අල්ලන්න යයි කෑකෝ ගසන අයම හොරු ඇල්ලීමේදී දේශපාලන පළිගැනීම් සිදුකරන බවට අවලාද නඟන බව අමාත්‍යවරයා කියා සිටියේ අද (01)ICTA ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ රජය බලයට පත් කිරීම සඳහා දැඩි කැපවීමක් කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සහෝදරයෙකුද මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්,දේශපාලන වශයෙන් කරනු ලබන පළිගැනීමක් නම් ඔහු මුදා හැර සෙසු පිරිසට එරෙහිව පමණක් කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය රජය සමයේ සරත් ෆොන්සේකා මහතා හිරේට ඇදගෙන ගියේ නිකරුණේ බවත්,පරීක්ෂණ කොට චෝදනා ගොනු කරනු ලැබුවේ පසුව බවත් සිහිපත් කළ ප්‍රනාන්දු මහතා මෙම සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ වසරක් පමණ තිස්සේ පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව බවත් සිහිපත් කළේය.
යෝෂිත රාජපක්ෂ මහතා වරදක් කර නොමැති නම් අධිකරණයෙන් නිදහස් කෙරෙනු ඇති බවත්, එසේ නොමැතිව කිඹුල් කඳුළු හෙළීමෙන් ඵලක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒකාබද්ධ විපක්ෂය මෙම සිදුවීමේ සංවේදි තැන් උපුටා දක්වමින් පොඩි වාසියක් ගැනීමට කල්පනා කරන බවත්,වරදක් කළ පුතෙකු වුවද අත්අඩංගුවට ගැනීමේදී මව්පියන්ගේ ඇසට කඳුළු උනන එක අහම්බයක් නොවන බවත්, තතු එසේ වූ පමණින් නීතිය මගහැරයාමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පොලීසියේ හා අධිකරණ ක්‍රියාවලිය මත සිදුවන බවත්, මේවන විට දේශපාලන ඇඟිලිගැසීම් නොවන බැවින් ස්වාධීනව කටයුතු සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලීසිය ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු බලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියන බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
පොලිස් කොමිසම මෙහිදී ශක්තිමත්ව ක්‍රියා කළ යුතුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment