අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ලංකාවේ තහනම් සංවිධානයක් ලෙස නම් කළ යුතුව ඇති බව හෙළ බොදු සවිය සංවිධානය කියා සිටියි.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමිගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
ඉස්ලාම් අන්තවාදයත් සමග ගොඩනැගෙමින් ඇති අයි.එස්.අයි.එස් සංවිධානය ලෝකයට මහත් විනාශයක් කරමින් ඇත. ලංකාවේ ද ඉස්ලාම් අන්තවාදය ගොඩනැගිමට ඇති ප්රවනතාවයට වැට බැඳිය යුතුය. දැනට මාලදිවයිනයේ විශාල පිරිසක් මෙම ත්රස්වාදය සමග බැදි කටයුතු කරන බව ලෝක ප්රවෘත්ති වර්තාවලින් පෙන්වා දෙයි. එසේම දැනට මාලදිවයින් වැසියන් පකිස්ථානුවන් විශාල පිරිසක් ලංකාවේ පංදිචියට පැමිණ ඇතැයි ද වර්තාවේ.එම නිසා මෙම ඉස්ලාම් අන්තවාදය පිලිබදව හෙවත් අයි.එස්.අයි එස් ත්රස්වාදය සෙවිටම අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරිමට අවශ්‍ය බැවින් ලංකාවේ අයි.එස්.අයි.එස් ත්රස්වාදය තහනම් සංවිධානයක් ලෙස තහනම් කළ යුතු යැයි යෝජනා කර සිටිමු.
අපට එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී සංවිධානය ලෝකයේ වෙනත් රටවල තහනම් කර තිබිම නිසා ඒ සඳහා මැදිහත් වීමට එම රටවලට හැකියාව තිබිණි. අද අපට ලෝකයේ තනි රාජ්‍යයක් ලෙස පෙනී සිටිමට නොහැකිය. ලෝක ප්රවනතා සමග ගමන් කළ යුතුය. එබැවින් ගරු ජනාධිපති තුමනි යම් දෙයක් සිදු විමට පෙර, පෙර සුදානම් විම දුර දක්නා රාජ්‍ය නායකයෙක් ගේ වගකීමය. අපගේ රටේ ඇති ආගමික හා ජාතික නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනිමට මාන බල පිරිස් නැතැයි අපට විශ්වාස කළ නොහැකිය.
බ්‍රසල්ස් නුවර සිදු වු ආවසනාවන්ත සිදු විමටක් අපට තුළත් සිදු වුවහොත් අද නැගීගෙන එන සංචාරක ව්‍යාපාරයට ද විශාල වශයෙන් කඩ වැටිමට ඉඩ ඇත. ලංකාව දියුණු රාජ්‍යක් කිරිමට ඇති ප්‍රධාන මාර්ගයක් ලෙස දැක ගත හැකි වන්නේ සංචාරක ව්‍යාපාරයි. එම නිසා ලංකා ත්රස්වාදය නොමැති ආරක්ෂිත රටක් වශයෙන් ප්‍රචලිත කිරිමට නම් මෙවැනි ත්‍රස්ත සංවිධාන තහනම් කර දකුණු අසියානු කළාපයේ සුරක්ෂිත රටක් ලෙස පවත්වා ගෙන යායුතු බැවින් අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය තහනම් කළ යුතුයැයි අපි යෝජනා කර සිටින අතරමෙවැනි තත්ත්වයක් උදාවුවහොත් එයට මුහුණ දිය හැකිවන අයුරින් විශේෂ ආරක්ෂක පුහුණු ඒකකයක් ස්ථාපිත කරන ලෙස ද යෝජනා කර සිටිමු.
No comments:
Post a Comment