නේවාසිකාගාර සිසුවියන් 'ලිංගික අපයෝජනයට' ලක් වෙලා
මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන
ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි
දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
දැරියන්
දාහත් දෙනකු අතුරින් වයස අවුරුදු 15 ත් 17 ත් අතර දැරියන් නව දෙනකුපත් වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවයි පොලිසිය කියා සිටියේ.මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.
නේවාසික පාඨමාලාව තුළ තමාට සිදු වන අකටයුතුකම් ඉවසා දරා සිටීමට නොහැකි වූ සිසුවියන් සිව් දෙනකු සඳුදා අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියන්ගේ සහාය ඇතිව පොලිසියට පැමිණිලි කොට තිබේ.
පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසු සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කර ඔවුන් නැවත විභාගයට සූදානම් කර දීමේ සය මාසික නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පල වූ දැන්වීමක් ඔස්සේ ළමුන් ඊට ඇතුළත් කොට ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.
ළමුන්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක පාඨමාලා ගාස්තුවක්ද ගෙවා තිබේ.
No comments:
Post a Comment