ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්
කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ්
අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම
පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී
ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ
උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය,
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග
කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි.
No comments:
Post a Comment