Saturday, March 1, 2014

4 වන තරගය කඩුලූ 2කින් ජය ශ‍්‍රී ලංකාවට...

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ  (28) පැවැති ආසියානු කුසලාන තරගාවලියේ 4 වන තරගය කඩුලූ 2කින් ජය ගැනීමට


ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 264ක්. පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් කඩුලූ 4ක් සහ සචිත‍්‍ර සේනානායක කඩුලූ 3ක් බිද හෙළුවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේ පන්දු වාර 49යි පන්දු 2කදී කඩුලූ දැවී ගොස් තිබියදීයි. ශ‍්‍රී ලංකා ඉනිම වෙනුවෙන්  ලකුණු 103ක් ලබාගත් කුමාර් සංගක්කාර අද (28) ලබා ගත්තේ සිය 18 වන එක්දින ශතකයයි.

No comments:

Post a Comment