සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ යටියන්තොට
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී උපුල් සිසිර කුමාර මහතා මියගොස් ඇති බව පොලිස්
මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
එම මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රී 7.00ට පමණ සිරුරට ගිනි තබාගෙන ඇති බවත් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඊයේ රාත්‍රී ඇතුළත් කෙරුණු බවත් හෙතෙම පැවසීය.
No comments:
Post a Comment