Monday, February 3, 2014

තනපටයේකුඩු




තනපටය තුළ කුඩු පැකට් අටක් සඟවාගෙන සිටි ත්‍රීකුණාමලය, සමුද්‍රාගම කාන්තාවක් උප්පුවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ගැනුම්කරුවෙකු ලෙස උපාය දූතයකු යොදවා අදාළ කාන්තාව ඇයගේ නිවසේදී උප්පුවේලි පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් කොටු කරගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු කියයි.

අනතුරුව පොලිස් කාන්තාවක් යොදවා ඇයගේ ශරීරය පරික්ෂා කිරීමේදී තනපටයේ සඟවාගෙන සිටි කුඩු පැකට් අටක් ද, ශරීරයේ ස්ථාන රැසක සඟවාගෙන සිටි මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.

එම මුදල් වල වටිනාකම රුපියල් 9000ක් පමණ වන බව පොලිසිය කියයි.

මේ වන විට අදාළ කාන්තාව දින තුනක රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසුවෙයි.

උප්පුවේලි පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රගති අබේසිංහ මහතාගේ උපදෙස් මත උප්පුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
-adaderana

No comments:

Post a Comment