පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ බවට හඳුනා ගැනුනු
විශ්වවිද්‍යාලය අසල කැලෑබද ප‍්‍රදේශයක තිබී ඊයේ සොයාගත් මළ සිරුරේ පශ්චාත්
මරණ පරීක්ෂණ කටයුතු හෙට දිනට කල් දමා තිබෙනවා. ඒ මියගිය ඞී.කේ. නිශාන්ත
නැමති සිසුවාගේ මව සහ පියා සිරුර හඳුනාගැනීමට නොපැමිණීම හේතුවෙන්. කෙසේ
වෙතත් අද දිනයේ ඔහුගේ සොහොයුරා වන ඞී.කේ. සම්පත් සහ බාප්පා වන ඞී.කේ.
ගාමිණී එම ස්ථානයට පැමිණ දේහය හඳුනා ගත්තා.
මෙම මරණය සම්බන්ධයෙන්
වන මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විද්‍යා
පීඨයේදී සිදු කෙරුණා. එහිදී මහනුවර මහේස්ත‍්‍රාත් අජිත් ධර්මපේ‍්‍රම නියෝග
කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන
පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මියගිය
අගුණකොළපැලැස්ස - ආචාරියගම ප‍්‍රදේශයේ පදිංචි ඞී.කේ. නිශාන්ත 2011 වසරේදී
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වද සිද්ධියේ ප‍්‍රධාන සාක්ෂිකරුවා
ලෙසද කටයුතු කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අද (11) පස්වරුවේ පැවති
මාධ්‍ය හමුවකදී එහි උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මේ සම්බන්ධයෙන්
අදහස් පළ කළා. ඔහු කියා සිටියේ නවක වද සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන
අතරතුර මෙම සිසුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර ඇති බවයි. ඔහු උපාධිය
සම්පූර්ණ කර නොමැති බවද එහිදී හෙළිවුණා.
වීඩියෝව

No comments:
Post a Comment