Friday, March 21, 2014

ප‍්‍රංශ යුවතියන් තනපට විරෝධයක

පිළිකාවටද තැනක් නැත. පිළිකාවත් හිතූ හිතූ තැන්වල රෝපනය වන්නේය. පිළිකාව කාන්තාව හැඩ කරවන පියයුරුද වැළඳ ගෙන ඇත්තේය. බටහිර රටවල කාන්තා පියයුරු පිළිකා රෝගයට ගොදුරු වන සංඛයාව සීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබේ. එබැවින් ඒ සදහා අධික මුදලක් වියදම් කරමින් පර්යේෂණ සිදු කරමින් එයින් වැළකීමට හෝ එයින් සුවය ලැබීමට අවශ්‍යය ‍‍ඖෂද සොයා ගැනීමට බටහිර වෛද්‍ය විශේෂඥයෝ බොහෝ වෙහෙස මහන්සිවී කටයුතු කරති. එනමුදු එම බලධාරීන්ගේ ඇස් ඇරලවීම උදෙසා ප‍්‍රංශය මූලික කොට සංවිධානයවූ පින්ක් බ‍්‍රා බසාර් නොහොත් ප‍්‍රංශයේ රෝසපාට තන පට සංවිධානය විසින් පස්වන වරටත් සිදුකළ උද්ඝෝෂණයක් පසුගිය සති අන්තයේ අයිෆල් කුළුන පරිශ‍්‍රයේ පැවැත්විණි.

විසි තිස් ගණනක් කාන්තාවෝ පිරිසක් පොප් සංගීතයට රගන නැටුම් සමගම තම පැළද සිටින තන පටය ගළවා අහස් කුසට විස කරති. තන පට අහස් කුසේ විසි වෙද්දී සමහරු විමසිල්ලෙන් කාන්තාවන් දෙස බලයි. මෙය සිදුවුයේ ලෝක පුදුම හතේ දැවැන්තයෙක් වු පැරීසියේ අයිෆල් කුලූන ඉදිරිපිටදීය.

No comments:

Post a Comment