බලංගොඩ, වැලිහරනාව ප්‍රදේශයේ තිබී බලංගොඩ ප්‍රාදේශීය සභා භූමියට රැගෙනවිත්
තිබු මැණික් ඉල්ලම් තොගය ජනතාවට රැගෙනයාම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව දහස් ගණන් පිරිසක් ප්‍රාදේශීය සභා භූමියට පැමිණ මේ වන විට මැණික්
ඉල්ලම් තොගය රැගෙන යමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
වැලිහරනාව ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සිදුකරන අතර තුර දී මැණික් සහිත බවට
සැක කෙරෙන ඉල්ලම් තොගය හමුවීමත් සමඟ ප්‍රදේශවාසීන් ඒවා ලබාගැනීම සඳහා
ඉදිරිපත් වුණි.
පසුව ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් අදාළ ඉල්ලම් තොගය ප්‍රාදේශීය සභා
භූමිය වෙත රැගෙන විත් තිබු අතර ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ඉල්ලම් තොගය
බෙදාගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.
No comments:
Post a Comment