Thursday, March 6, 2014

සමුළුවට ගිය ජනපති යලි දිවයිනට....

බිම්ස්ටේක්

ඊයේ පස්වරුවේ මෙම සාකච්ජාව සිදුව ඇති බව ජනාධිපති ප්‍රකාශක සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා මියන්මාර ජනාධිපතිවරයා, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සහ නේපාල අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ජා පවත්වා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවට මෙන්ම එම රටවලට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා පැවති බව වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා මුණ ගැසී සාකච්ජා කළේය.

මේ අතර බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට ඊයේ රාත්‍රී පැමිණියේය.

සමුළුවට සහභාගිවීම සඳහා මියන්මාරයට ගොස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ජා පවත්වා තිබේ.

No comments:

Post a Comment