භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට
අදාළ චෝදනා කියවා දුන් අධිකරණය ඔවුන් මුදාහැරිම ප්‍රතික්ෂේප කළේය.
අදාළ සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන මෙන් ඔවුන්ගේ නීතිවේදීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.එහෙත් රජයේ නීතිවේදියා ප්‍රකාශ කර තිබුණේ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ඉවත දැමු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන්ට මිනි මැරීම සහ ඊට ආධාර අනුබල දීම, නීතිවිරෝධී රැස්වීම යන චෝදනා ඉදිරිපත් කරමින් ඒවා
කියවා දීමටද නියම කළේය.
චෝදනා කියවා දුන් පසු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ප්‍රකාශ කලේ තමන් නිවැරදි කරුවන් බවයි.
ඒ අනුව නඩු විභාගය මැයි මස 02 වනදාට කල් දැමු අධිකරණය එදිනට සැකරුවන්ට අදාළ ව පවතින සාක්ෂි පිලිබඳ තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment